Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
07
ඔක්තෝම්බර් 18 වැනිදා තවත් විශේෂ දවසක්.. කලකට පසු ලග්න කිහිපයකට සුබපල උදා කරමින් සිදුවන තවත් ග්‍රහමාරුවක් ගැන ඇසෙන කතාව මෙන්න..

- ඔක්තෝම්බර් 18 වැනිදා තවත් විශේෂ දවසක්.. කලකට පසු ලග්න කිහිපයකට සුබපල උදා කරමින් සිදුවන තවත් ග්‍රහමාරුවක් ගැන ඇසෙන කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,108 Views

කාලයෙන් කාලයට සිදුවන ග්‍රහමාරුවීම් එක්ක ඔබේ ජීවිතයට ඒවා විවිධ විදිහට බලපානවානේ.

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක් කතාවක්. ඔබත් කැමති ඇති නේද මේ ග්‍රහ මාරුව ගැන දැනගන්න. 


මේෂ, කටක, තුලා, මකර ලග්න හතරට ගුරුහංසයෝගය උදාකරමින් ඔක්තෝම්බර් 18 වැනි දින රාත්‍රී 07.49ට බ්‍රහස්පති කටකයේ උච්ච වෙයි. එම ලග්නවලින් උපන්නවුන් හට ධනය, බලය, කීර්තිය, ප්‍රශංසාව, රාජ්‍ය සේවයේ තනතුරු වැනි පැතිකඩ ගණනාවකට පෙර සංසාරිකව කරන ලද පුණ්‍යබල මහිමය අනුව වැඩි උරුමයක් ලැබෙනු ඇත.

ලෝකෝත්තර මෙන්ම ලෞකික දැනුම අවබෝධය පිණිස සත්‍යවාදී ආධ්‍යාත්මික ඥානයට, අධි මානසිකත්වය සඳහා මේ ග්‍රහ ගමන මහෝපකාරී වනු ඇත.

අනෙකුත් ලග්න හිමියන් අතරින් ජනරජ කේන්ද්‍රයටද අදාළ සිංහ ලග්නහිමියන්ට සිංහාසන යෝගයෙන් බලය, රාජ සම්පත් ආදිය උදාවන අතර රාශි දොළහටම නීචභංග රාජයෝගය සුනඵා, අනඵා, දුරුධරා යෝග ජවබල සම්පන්නව උදා වෙයි.

ඒ අනුව ලග්න දොළසටම සුබවාදී බවක් මේ කාලය තුළ පෙන්නුම් කෙරෙන අතර තම පෙරපින් බල මහිමය හා ලග්න කේන්ද්‍ර සටහන්වල බලය අනුව ඒවායෙහි තීව්‍රතා අඩුවැඩි වනු ඇත.

බ්‍රහස්පති, පුත්‍රකාරක වන අතර, නීතිඥ, අධිකරණ, විනිශ්චයකාරවරු, අවිහිංසාවාදී සත්ගුණවන්ත දානාති පුණ්‍යවන්ත කටයුතුවලට කාරක වන ග්‍රහයාද වෙයි. සෙම්කෝප දෝෂ, පාචනය, අජීර්ණය, කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උඩු හෝ යටිතල්ලෙහි ආබාධ, ඇදුම, අපස්මාරය, ලේ කැටි ගැසීම, උගුරෙහි වේදනා , දැවිලි පිච්චිලි, පණු අමාරු, ආමවාත, අංශභාගය, අධිරුධිර පීඩනය, අක්මාවෙහි රෝගාබාධ, විදුරුමස් දියවීම වැනි රෝගවලට ද මූලික වෙයි. මැණික්, ගල්අඟුරු ආදි පතල් කර්මාන්තය ඇතුළුව ග්‍රාමීය කර්මාන්ත දේශීය ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත සහ කෘෂිකාර්මික කටයුතු නවතාවයකින් ක්‍රියාත්මක වීමෙහිලා ග්‍රහ බලය උපකාරි වෙයි. එසේම වැඩකරන ජනතාවගේ බලතල ස්ථාපිත කෙරෙයි. ගුරු මාරුව අසුබ පල ගෙනෙන අය සඳහා බ්‍රහස්පතිට අයත් ඊශාන දිශාව බලා තුණුරුවන් ආශ්‍රිත පහන් පූජාව ගැළපෙනු ඇත. පුෂ්පරාග, ගුරුදෝෂයට නිසි ජීවම්බලා පිහිටුවා භාවිත කළ යුතුවෙයි.

මේෂ රාශිය
මේෂ රාශිය ජන්මියා කෙරෙහි පංචමහා පුරුෂ යෝග අතරින් 04 වැන්න වූ කටකයෙහි බ්‍රහස්පති උච්චව හංසයෝග බලයද සුනඵා අනඵා ධුරුධරා යෝග ඇතුළුව නීච භංග රාජයෝගයද බ්‍රහස්පති මාරුවෙන් උදාවී ඇත. පෞරුෂ්‍යය ප්‍රෞඪත්වය උදාකරවමින් පදිංචි ස්ථානයද සබඳතා පවුල් ජීවිතය හෝ විවාහ කටයුතු ද රැකියා ආදායම් මාර්ග උසස්වීම් නව ව්‍යාපාරික මාර්ග සමාරම්භයට යහපත් කාලයෙකි.

වෘෂභ රාශිය
සුනඵා, අනඵා ධුරුධරා යෝග උදාව සමඟ වර්තමාන කාලපරාසය පදිංචි ස්ථානය භූමිය ආශ්‍රිත ආරම්භ කෙරෙන නවතම ක්‍රියාකාරකම් අවසානය දක්වා කළ හැකිය. උත්සාහය, උනන්දුව අත්නොහැරම කළ යුතු කාලපරාසයකි. සිත තුළ පවතින අපේක්ෂාවන් අප්‍රමාදීවම කළ යුතු කාලපරාසයකි. තිරසර අරමුණූ රැසක්ම ක්‍රියාත්මක කළ හැකිවෙයි.

මිථුන රාශිය
සුනඵා අනඵා දුරුධරා යෝගද සමඟ මාන්දි බුධ නීච රවි සමඟ 05 වැන්නේ සිට ලග්නය පෙනෙයි. 10 වැන්න වූ කර්මස්ථානගතව බාධක ග්‍රහයා තැන්පත්ව ඇත. චන්ද්‍රයා 22 වෙහි මාරක දෙර්කාණාධිපතිට කේතු සමඟ 03 වැන්න වූ වික්‍රමස්ථානගතව අපේක්ෂා සියල්ල යටපත් කෙරෙමින් සාධාරණත්වයක් නොලබා සිටිනු පෙනෙයි.

කටක රාශිය
සුනඵා, අනඵා, දුරුධරා යෝග මෙන්ම නීචභංග රාජයෝගය ද පංචමහා පුරුෂ යෝග අතරින් හංස යෝගබලයද චන්ද්‍රයා හිමි කටක රාශියට උදාවී ඇත. මේ අනුව උත්සාහය, උනන්දුව, ස්වකීය වූ බලවත් අවශ්‍යතාවනට ප්‍රධාන හේතු සාධක වෙයි. සංසාරික පින්දහම් හේතු කොටගෙන බලවත් අරමුණූ අනුව අවබෝධය මත ධාර්මික ද වෙන්නේය.

සිංහ රාශිය
සුනථා අනඵා දුරුධරා යෝගද සිංහාසන නම් වූ ප්‍රබල යෝග බලයද චතුර්කෝණ දෘෂ්ටියෙන් නීච භංග රාජ යෝගයද උදාවී ඇත. මේ අනුව තිරසාර අරමුණු රැසක්ම සඵල කොට ගැනීමෙන් වාසනාව භාග්‍යය උදාව ඇත. ලග්නයෙහි කේතු සමඟ චන්ද්‍රයාද තැන්පත් වීම අතිවිශිෂ්ටව අරමුණුූ සපල කරන බවක් පෙන්නුම් කරයි.

කන්‍යා රාශිය
සුනඵා, අනඵා, දුරුධරා යෝග නිසා අරමුණූ කෙසේ හෝ සාර්ථක වෙයි. බුධ, සිකුරු පරිවර්තන ග්‍රහ සංකලනයෙකි. මේ අනුව උසස් ප්‍රභූ ජනයාව ඇසුරු කිරීමේ භාග්‍යය වාසනාවද යෙදී ඇත. විවිධ දක්ෂතා කුසලතා නිපුනතා හිමි කන්‍යා ලග්න හිමියන්ගේ ප්‍රාර්ථනා බොහෝදුරට සඵල කරගත හැකි බවක් විද්‍යමාන කෙරෙයි.

තුලා රාශිය
බුධ, ශුක්‍ර, පරිවර්තනයද, පංචමහා පුරුෂ යෝග අතරින් හංසයෝග බලයද, නීචභංග රාජයෝගයද සුනඵා, අනඵා, ධුරුධරා යෝග බලයෙන්ද සිතැඟියාවන් පොකුරක්ම සාර්ථක කරගත හැකි වනු ඇත. දෙස්විදෙස් සංචාරය රැකියා ආදායම් මාර්ග සාර්ථකවීමද සබඳතා විවාහ මංගල කටයුතු හෝ පවුල් ජීවිතය ආශ්‍රිතව සතුටුදායක බවක් මතුවීමද උදාවනු පෙනීයයි.

වෘශ්චික රාශිය
නීචභංග රාජයෝග බලය, සුනඵා, අනඵා ධුරුධරා යෝගබලය බුධ ශුක්‍ර පරිවර්තනය භාග්‍යය වාසනාව උදාකරන බවක් මතුකරයි. අපේක්ෂාවන් රැසක් ඉටුකර ගැනීමට අදිටන් කරගන්නා සමයකි. හදිසි තිරණ, ඉක්මන් කෝපය, අරුචිය, අනුකරණ අතහැරීම උසස් ජීවිතයකට බලපානු ඇත. ධනය, කීර්තිය ගලා එන කාලයකි.

ධනු රාශිය
සැනසුම, සතුටු පී‍්‍රතිය තරමක් දුරට ජම්මලාභි ඔබගෙන් දුරුවී යන බවක් දෘශ්‍යමාන වෙයි. යටිබඩ, වකුගඩු ආශ්‍රිත දැවිලි, පිච්චිලි, රුදා, වේදනා බලපානු ඇත. වා, පිත්, සෙම් කෝප දෝෂ, අක්මාව පපුව ආශ්‍රිතව ඇති වෙයි. කටක රාශියෙහි උච්ච ගුරු දහසක් දෝෂ භංග කෙරෙනු ඇත.

මකර රාශිය
බ්‍රහස්පති උච්චවීම හේතුකොට සංසාරික පුණ්‍යකර්ම මතුවෙයි. නිර්මාණශීලි කර්මචක්‍රය අනවරත දියුණුවකට භාජනය කෙරෙයි. සුනඵා, අනඵා ධුරුධරා යෝග බලවත් වෙයි. උසස්වීම්, සෞඛ්‍යය, අධිකරණය, ව්‍යාපාර කටයුතු සඳහා අතිශය ප්‍රශස්ත වෙයි. සමාරම්භක කටයුතු අතිශය සාර්ථක බවක් ගනියි.

කුම්භ රාශිය
තිරසාර ගුණාත්මක චර්යා ගුණධර්ම වර්ධනය වීමෙන් උසස්වීම් විජයග්‍රහණ අත්වෙයි. ප්‍රභූ ජනයා ඇසුරට ලැබෙනු ඇත. ආර්ථිකය ශුභවාදිවෙයි. ධනය බලය, කීර්ති, ප්‍රශංසා ගලා එන කාලසීමාවෙකි. සියලු අකටයුතුවලින්ම දුරස්ථව අවිද්‍යාව මුල්කොටගත් බොළඳ ක්‍රියාකාරකම් අතහැර මානුෂික බලය වර්ධනය කරගැනීම ද වැදගත් වෙයි.

මීන රාශිය
සංසාරික බලය මීන රාශිය හිමි ඔබගෙන් විද්‍යමාන වෙන කාලපරසායකි. 01 ලග්නභාවය 10 කර්මභාවය ආධිපත්‍යයව දරන බ්‍රහස්පති 05 වැන්නෙහි උච්චවීයාම වර්තමානයෙහිදී සසර පිං දහම් මතුවීමෙකි. හදිසි තීරණ තීන්දු කෙරෙහි ළඟා නොවන්න. සුනඵා අනඵා දුරුධරා යෝග සමඟධර්ම කෝණයද ජවබල සම්පන්න වීමෙන් ඔබගේ ආර්ථිකය, රැකියා ආදායම් මාර්ග කීර්ති, ප්‍රශංසාව වර්ධනය වෙයි.

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top